අසන්ත ද මෙල්ගේ සුමිතුරු දිමුත් බලය අතට ගනියි

46

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක සහ ශ්‍රී ලංකාවේ වර්තමානයේ විශිෂ්ඨතම ටෙස්ට් පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් ඉලක්ක කරමින් වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිදු කළ ප්‍රකාශයක් ක්‍රිකට් රසිකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

මීළග ටෙස්ට් තරගාවලිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වන දිමුත් කරුණාරත්න පවසන්නේ කණ්ඩායමට එක්වීමේ තරගය ඉතා වැඩි වී තිබෙන බවත්, දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට එක්වනවා නම් එක්විය හැක්කේ කඩුලු රකින්නෙකු ලෙස පමණක් බවත් ය.

කෙසේ වෙතත් මෙහිදී දිමුත් කරුණාරත්න අමතක කර ඇත්තේ පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධානතම පිතිකරුවා වෙනුවෙන් දායකත්වය සැපයූවේ දිනේෂ් චන්දිමාල් බවය. එවන් දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ විශේෂඥ පිතිකරු ස්ථානයක් නොමැති වීම පුදුමයට කරුණකි.

පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාව ජය ගත් තරග මෙන්ම, පරාජය නියත තරග වලද කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට වැඩිම දායකත්වය ලබා දුන් පිතිකරුවා දිනේෂ් චන්දිමාල්ය.

බොහෝ තරගවල දෙවන ඉනිමේ පමණක් සාර්ථක වනවා යැයි ක්‍රිකට් රසිකයන් අතර ප්‍රසිද්ධ දිමුත් කරුණාරත්නට ටෙස්ට් නායකත්වය හිමි වූයේ ඔහුගේ සමීපතම මිතුරෙකු වන තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල්ගේ බලපෑමෙනි.

එලෙසට පැමිණ දිනේෂ් චන්දිමාල් වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයෙකුගේ ස්ථානය අහිමි කිරීමට දිමුත් කරුණාරත්නට ඇති අයිතිය කුමක්දැයි ක්‍රිකට් රසිකයන් ප්‍රශ්න කරමින් සිටියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *