උසස් පෙළ වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

58

හෙට (05) ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ විභාග මධ්‍යස්ථාන සහ ප්‍රශ්න පත්‍ර මෙන්ම උත්තරපත්‍ර ප්‍රවාහනයට ද විශේෂ ආරක්ෂාවක් ලබාදෙන බවයි.

විභාග මධ්‍යස්ථාන අවට කිසිදු ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතයට අවසර නොලැබෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හෙට ආරම්භ වනවා. එය ලබන 31වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මධ්‍යස්ථාන 2,678කදී මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අපේක්ෂකයින් ගණන තුන් ලක්ෂ 37,704ක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *