විනිසුරුවරුන්ගේ වැරදි තීරණ නිසා අළු බඳුන තරඟාවලියේ පළමු දිනයත් උණුසුම් වෙයි

69

එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළු බඳුන තරඟාවලියේ පළමු තරඟය ඊයේ (01) ආරම්භ විය.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ පළමු වැනි තරගයද මෙය වන අතර දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්ව වසරක තහනමකට ලක්ව සිටි ස්ටීවන් ස්මිත් තහනමින් මිදීමෙන් පසුව සහභාගි වන පළමු ටෙස්ට් තරගයද මෙයයි.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 284කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්වූ අතර දිනය නිමා වන විට එංගලන්තය කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10ක් රැස්කරගෙන සිටියේය.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ස්ටීවන් ස්මිත් පන්දු 219කදී ලකුණු 144ක් රැස්කළ අතර එංගලන්තය වෙනුවෙන් ස්ටුවට් බ්‍රෝඩ් කඩුලු 5ක් දවා ගත්තේය.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී පිටියේ විනිසුරුවරුන් වැරදි තීරණ කිහිපයක්ම ලබාදුන් අතර ජාත්‍යන්තර තලයේ විනිසුරුවරුන් මෙලෙස වැරදි තීරණ ලබාදීම අනුමත කළ නොහැකි බව සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා ප්‍රකාශ කරනුද දැකගත හැකිවිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *