ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් වඩා පහලට දමයි

28

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් පළමු වරට සංවිධානය කරන අන්තර්ජාතික ටෙස්ට් ලෝක ශූරතාව අගෝස්තු පළමුවැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ. ටෙස්ට් ලෝක ශූරතාවලිය රටවල් නවයක, තරගාවලි 27ක් යටතේ පැවැත්වෙන තරග 72කින් යුත් තරගාවලියක් ලෙස 2021 වර්ෂය දක්වාම ක්‍රියාත්මක වීමට නියමිතය.

තරගාවලියේ මූලික වටයේ තරග 71කින් ලීග් ක්‍රමයට පැවැත්වීමෙන් අනතුරුව තරගාවලියේ අවසන් මහා තරගය 2021 වර්ෂයේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීය.

තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු 1දා එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර එංගලන්තයේදී ආරම්භ වන ‘අළු බඳුන’ තරගාවලිය සමගිනි.

තරගාවලිය සඳහා අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින ඉන්දියාව, නවසීලන්තය, ද. අප්‍රිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, බ.ඉ.කොදෙව් හා බංග්ලාදේශය යන කණ්ඩායම් සහභාගි වෙයි.

තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවක් එංගලන්තයට, ඔස්ට්‍රේලියාවට හා ඉන්දියාවට හිමිවී ඇත. ඒ පිළිවෙළින් 22, 19 හා 18ක් ලෙසිනි. ඊට අමතරව ද. අප්‍රිකාවට 16ක් හා බ.ඉ. කොදෙව් සඳහා 15ක් බැගින් හිමි වී ඇත. ඊට අමතරව නවසීලන්තයට හා බංග්ලාදේශයට 14ක් බැගින් හිමි වී ඇත. තරගාවලියේ අවම තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට හා පකිස්තානයට හිමිවී ඇති අතර එය ගණනින් 13 කි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *