බුද්ධි අංශ වාර්තා අනුව බදුර්දීන් ඇමතිවරයා වරදක් කරලා නැහැ : අගමැති කියයි

84

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවල ඇතැම් කොටස් සමහරුන් ප්‍රතික්ෂේප කිරීමට උත්සහ දරන බවත් එමගින් සිදුවන්නේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදයට අනුබල දීමක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවෙන් රිෂාඩ් බදියුදීන් හිටපු ඇමැතිවරයා නිදොස් කර ඇති බවත් එම වාර්තාවන් නිතිපතිවරයාට සහ කතානායකවරයා වෙත යවා ඇති බව අගමැතිවරයා ත්‍රිකුණාමලය කින්නියා හිදී අද (14) ප්‍රකාශ කර සිටියා.

” පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශය විසින් සිදුකළ පරික්ෂණයට අනුව වාර්තාව කාදිනල්තුමා මෙරටට පැමිණි ගමන් ලබා දීමට මම උපදෙස් දුන්නා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත්, සභාවේ නියෝජිතයින්ටත් එම වාර්තාව කදින්ල්තුමාට ලබාදීමට මා උපදෙස් ලබාදී තිබෙනවා.

එම වාර්තාව කතානායකවරයා විසින් අපට ලබාදුන්නා. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව චෝදනා 300ක් පමණ එල්ල වී තිබුණා. එම චෝදනා වලින් බහුතරයක් කිසිදු පදනමකින් තොරව සිදුකර ඇති බව සඳහන් වනවා. එයින් සමහර චෝදනා පැමිණ ඉදිරිපත් කිරීමට අදාළ කිසිදු කරුණක් නොමැති බවටද සඳහන් වනවා. ඒ අනුව රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට කිසිදු චෝදනාවක් නොමැති බවට කතානායකවරයා දැනුම් දුන්නා”.

“පාස්කු ඉරිදා සිද්ධියෙන් පසු යුද හමුදාපතිට බලපෑමක් කළැයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට මුලින්ම චෝදනාවක් එල්ල වුණා. පසුව යුද හමුදාපතිවරයා එවැනි බලපෑමක් නොකළ බව කියා තිබුණා”. අගමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *