සජිත් ජනපති අපේක්ෂක කරන මංගලගේ සටනට අගමැති එරෙහි වෙයි..!

242

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බව වාර්තා වනවා.  එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් පිරිසක් සහ අගමැතිවරයා අතර පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදී මෙලෙස මංගල සමරවීර අමාත්‍යවරයා  දැඩි විවේචනයට ලක් කර තිබෙනවා.

එසේම මංගල සමරවීර අමාත්‍යවරයා විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට පක්ෂය තුළ ආරම්භ කර ඇති අරගලයට පසුපෙළ මන්ත්‍රීවරුන් සහ ඇතැම් ඇමැතිවරුන් සහයෝගය දැක්වීම ගැනද අගමැතිවරයා දොස් නගා තිබෙනවා. එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ අතැම් මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබාදී ඇති බවටද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇති බව සඳහන්.

මේ අතර සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බව ආණ්ඩුවට සහාය දක්වන දෙමළ පක්ෂවල නායකයින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුම් දීමට තීරණය කර ඇති අතර සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් නොකරන්නේ නම් එජාපය පරාජයට පත් වන බව දෙමළ පක්ෂ නායකයින්ගේ අදහස වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *