ක්‍රිකට් වංශ කතාවේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් ලියවූ සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ගැන ICCයෙන් තැබූ සටහන මෙන්න

425
ශ්‍රී ලංකාවේ ප්‍රබලතම වේගපන්දු අවිය ලසිත් මාලිංග ඊයේ රාත්‍රියෙන් ඔහුගේ ක්‍රිකට් ලෝක කුසලාන වංශකතාවට නැවතීමේ තිත තැබුවා.

ඒ ලෝක කුසලාන තරඟාවලි 4 ක ම අමරණීය මතකයන් රැසක් ඔහුට ආදරය කළ ප්‍රේක්ෂකයාට ඉතිරි කරමින්.
35 හැවිරිදි වියේ පසුවන යෝකර් රජු ලෙස විරුදාවලි ලත් මාලිංග තරඟ 225 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 335ක්.

ඊයේ තරඟය අතරතුර, අයි.පී.එල්. තරගාවලියේදී මාලිංගගෙන් ගුරුහරුකම් ලැබූ ජස්ප්‍රිට් බුම්රා සහ හාර්දික් පාණ්ඩ්‍යා යන වේගපන්දු යවන ක්‍රීඩකයන් ඔහුට සමුදීම ක්‍රීඩා මාධ්‍යවල අවධානයට යොමුවී තිබුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා ද සිය ට්විටර් ගිණුමේ මාලිංග ගැන සටහන් කර තිබුණා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *