ඇත්තම සල්ලි ගගක්

425

වියානා නගරයේ ඩනුබේ ගංගාවේ දහස් ගණනක් වටිනා යූරෝ නෝට්ටු පාවි ආවෙ කෙසේදැයි යන්න සෙවීමට ඔස්ට්‍රියා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කල බව විදෙස් වාර්තා පවසයි.
එකක් පසු පස එකක් මේ මුදල් නෝට්ටු ජලය මත පාවී ආවේය.
එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පාවෙමින් තිබූ මාධ්‍ය වල වටිනාකම් යූරෝ 100,000 රුපියල් 15 200 000 00)බවයි.

එරට පොලිසිය පැවසුවේ නෝට්ටු සොයාගත් ප්‍රදේශයෙන් අපරාධයක් වාර්තා වී නොමැති බවයි.මෙම මුදල් වල මූලාරම්භය කෙසේ සිදුවී ද යන්න පැහැදිලි නොමැති බවද පොලිසිය කියයි.

ඔස්ට්‍රියා වාර්තා පෙන්වා දෙන්නේ යූරෝ 500 සහ 1000 නෝට්ටු බොරු නෝට්ටු යැයි බලධාරීන් මුලින් විශ්වාස කරත් දැන් ඒවා නියම මුදල් නෝට්ටු බව තහවුරු කරගෙන ඇත.

පිරිමි ළමයෙක් ගග දෙස බලාගෙන සිටිමින් සියදවි හානිකර ගැනීමට තැත්කර ගන්නේයැයි සැක සිතී,ඒ බව වාර්තාකර තිබුණේ ගංගාව පසුකර යන පිරිස් විසිනි.

පසුව පෙනී ගොස් තිබුණේ මෙම ළමයා ගංගාවේ පාවී යන මුදල් නෝට්ටු එකතු කර ගැනීමට උත්සාහ කරමින් සිටි බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *