පාර්ලිමේන්තු මන්ත්‍රී පුත්‍රයාගේ පොලු පහරින් පොලිස් කොස්තාපල්වරයෙක් රෝහලේ

105

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර කුමාර අබේසේකරගේ පුත්‍රයා විසින් සිදුකළ පහරදීමකින් ඇමති ආරක්ෂක පොලිස් කොට්ඨාශයේ කොස්තාපල්වරයෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඊයේ (29) රාත්‍රි 8.45 පමණ මෙම සිදුවීම සිදුවීම සිදුව ඇති බව වාර්තා වන අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනුයුක්තව සේවය කළ සුසන්ත අරුණ කුමාර නමැති පොලිස් කොස්තාපල් වරයෙක්.

පහර කෑමට ලක්වූ පොලිස් නිළධාරියා රෝහලට ඇතුළත් වීමට පෙර හලාවත පොලිසියට මේ පිලිබඳව පැමිණිලි කර ඇති බවයි වාර්තා වුණේ. එසේම මේ සම්බන්ධයෙන් ශාන්ත සිසිරකුමාර මන්ත්‍රීවරයාද හලාවත පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

අදාල සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළ අතර හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂණ වසන්ත හේරත්ගේ උපදෙස් පරිදි හලාවත පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *